වසරේ ගතවූ මාස පහක කාලයේදී පසුගිය වසරේ මුල් මාස පහට වඩා කොළඹ නගරයේ ඩෙංගු රෝගය සියයට 20 න් ඉහළ ගොස් ඇතැයි කොළඹ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. මේ කාලයේදී කොළඹින් ඩෙංගු මරණ හතරක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්මවා තිබේ. වෛද්‍ය කාරියවසම් මහතා පවසන්නේ මේ රෝගීන් අතරින් සියයට 55 ක් පාසල් සිසුන් බවයි. ඔවුන්ට පාසලේදී ඩෙංගු වෛරසය ඇතුළු වන්නට ඇතැයි ද වෛද්‍ය මතය වී තිබේ.
ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ පාසල් සෝදිසි කිරීමේදී ඩෙංගු කීටයන් සිටි පාසල් 51 ක් සොයාගත් බවත් ඒවාට අවසන් නියෝගය නිකුත් කළ බවත් කොළඹ මහා නගර සභාව කියයි. මේ පාසල් අතර ජනප්‍රිය පාසල් හතක් ද ඇත.